ජපානයේ  අවන්හලක්  ”ලොව හොඳම චීන අවන්හල්” අතරට එක්වෙයි

ජපානයේ අවන්හලක් ”ලොව හොඳම චීන අවන්හල්” අතරට එක්වෙයි

Sazenkaහි ජපන් සුපවේදියෙකු වන Tomoya Kawada මීට පෙර ජපානයේ වෙනත් කිසිදු ආපනශාලාවකට ලබාගත නොහැකි වූ ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

ඔහු චීන භාෂාව කතා නොකරන නගරයක ලොව එකම මිචිලින් තරු තුනේ චීන අවන්හල නිර්මාණය කරඇති අතර ඔහුගේ tokiyo අවන්හල ලොව හොඳම චීන අවන්හල් අතරට එක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මිචිලින් තරු තුනක් සහිත තවත් චීන අවන්හල් හතක් පමණක් ලෝකයේ ඇති අතර ඒවා හොංකොං, මැකාවෝ, තායිපේ සහ බීජිං හි පිහිටා තිබෙනවා.

මෙම ටෝකියෝ අවන්හල 2022 වසරේ ආසියාවේ හොඳම අවන්හල් 50 සම්මාන උළෙලේ 11 වැනි හොඳම අවන්හල ලෙස නම් කර ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

Share This