ජපානයේ ගුවන් තොටුපළක දී මගී ගුවන් යානා 2ක් එකිනෙක ගැටෙයි

ජපානයේ ගුවන් තොටුපළක දී මගී ගුවන් යානා 2ක් එකිනෙක ගැටෙයි

ජපානයේ ටෝකියෝ හි Haneda ගුවන් තොටුපළේ දී මගී ගුවන් යානා 2ක් අනතුරට ලක්වී තිබෙනවා.

Thai Airways සහ EVA Air සමාගම්වලට අයත් ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරෙන් Thai Airways ගුවන් යානයේ කොටසකට හානි සිදුව තිබෙනවා.

ධාවන පථයේ අනතුර සිදුවූ ස්ථානය ගුවන් තොටුපළ බලධාරීන් විසින් වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් අදාළ අනතුරෙන් කිසිදු ගුවන් මගියෙකුට හානියක් සිදුව නොමැති අතර ඇතැම් අභ්‍යන්තර මෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් මෙම අනතුර හේතුවෙන් ප්‍රමාද වනු ඇති බවට බලධාරීන් විසින් මගීන් වෙත දැනුම් දී තිබෙනවා.

Share This