ජපානයේ වෙරළ තීරයේ පිහිනන්නන්ට අනතුරු ඇඟවීම්

ජපානයේ වෙරළ තීරයේ පිහිනන්නන්ට අනතුරු ඇඟවීම්

මධ්‍යම ජපානයේ වෙරළ තීරයකදී ඩොල්ෆින් මත්ස්‍යයින් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පිහිනුම් ක්‍රීඩකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසා තිබෙනවා

ෆුකුයි ප්‍රාන්තයේ මිහාමා නගරයේ සුයිෂෝහාමා වෙරළට මීටර් කිහිපයක් ඔබ්බෙන් ඩොල්ෆින් මත්ස්‍යයෙකු පහර දීමෙන් 60 හැවිරිදි පුද්ගලයෙක්ගේ ඉළ ඇට කැඩී ඇති අතර අත් සපා කෑමට ලක්ව තිබෙන බවයි පැවසෙන්නේ

එම දිනයේදීම තවත් 40 හැවිරිදි පුද්ගලයෙකුගේ අත සපා කෑමට ලක්ව ඇති අතර පසු දිනයේදී ද ඩොල්ෆින් මත්ස්‍යයින් විසින් පහරදීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා .

ෆුකුයි ප්‍රාන්තයේ මේ වසරේ ඩොල්ෆින් මත්ස්‍යයින් විසින් එල්ලකළ ප්‍රහාර හයක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

පිහිනන්නන්ට මෙම ඩොල්ෆින් මත්ස්‍යයින් වෙත ළංවීම හෝ ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසට පුවරු සවි කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඩොල්ෆින් සාමාන්‍යයෙන් මිනිසුන්ට ආක්‍රමණශීලී නොවන නමුත් මෙවැනි පහරදීම්වලට හේතුවී ඇත්තේ පිහිනන්නන් ඔවුන්ගේ හැසිරීම් රටාවට බාධා කරන බැවින් බවත් විද්‍යාඥයන් පවසා තිබෙනවා

Share This