ජපානයේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් 13ක් ජීවිතක්ෂයට – ඕනෑම සහයක් ලබාදීමට අමෙරිකාවත් සූදානමින්

ජපානයේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් 13ක් ජීවිතක්ෂයට – ඕනෑම සහයක් ලබාදීමට අමෙරිකාවත් සූදානමින්

ජපානයේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන දහස් ගණනක් ජනතාව උස් බිම් වෙත යන ලෙස දැනුම් දීමෙන් පසු ඉවත් කිරීමේ මධ්‍යස්ථානවල රාත්‍රිය ගත කර ඇති බවයි පැවසෙන්නේ

තවදුරටත් සුනාමි අනතුරු ඇඟවීම් කිසිවක් නොමැති නමුත් ජනතාවට යම් යම් උපදේශන දී ඇති බවද සඳහන්

ජපාන හමුදාව විසින් නිවසින් පිටවගොස් සිටින අය සඳහා ආහාර, ජලය සහ බ්ලැන්කට් ඇතුළු සැපයුම් ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට අමෙරිකාව සූදානම් බව එරට ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙනවා

එමෙන්ම ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා අනතුරු අඟවා ඇත්තේ සමහර මාර්ග හානියට පත්ව ඇති බැවින් ගලවා ගැනීමේ සේවකයින්ට නිවෙස්වල සිරවී සිටින අය වෙත ළඟා වීමට අපහසු විය හැකි නමුත් මිනිසුන්ට උපකාර ලැබෙන බවට සහතික වී ඇති බවයි.

 

Share This