ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය කටයුතු ඇරඹේ (/VIDEO /PHOTOS)

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය කටයුතු ඇරඹේ (/VIDEO /PHOTOS)

පසුගියදා ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ බිරිඳ විසින් වත්මන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාට මෙම භෂ්මාවශේෂ ලබා දීමෙන් පසු එය නිල වශයෙන් හමුදා නිලධාරීන් වෙත භාරදුන් බව විදෙස් මාධ්‍ය පවසනවා

රාජ්‍ය අවමංගල්‍ය කටයුතු එරට වේලාවෙන් 14:00 ට ආරම්භ වීමට නියමිත අතර, විදේශ අමුත්තන්, රාජ්‍ය නායකයින් සහ ප්‍රභූන් 700 කට වැඩි පිරිසක් එයට සහභාගී වනු ඇති

පසුව හිටපු අගමැති ෂින්සෝ අබේගේ භෂ්මාවශේෂ Nippon Budokan වෙත රැගෙන යනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන්ග්, ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්, වියට්නාම ජනාධිපති න්ගුයෙන් ෂුවාන් ෆුක්, දකුණු කොරියානු අගමැති හැන් ඩක්-සූ, පිලිපීනයේ උප ජනාධිපති සාරා ඩුටර්ටේ-කාපියෝ, ඉන්දුනීසියාවේ උප සභාපතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් ද අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව තිබෙනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද හිටපු අගමැති ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් මේ වනවිට ජපානය බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී ජපානයේ විදේශ අමාත්‍යවරයාද මුණ ගැසී සාකච්ඡා පවත්වනු ලැබුවා.

ජපානයේ අධිරාජ්‍ය පවුලේ නියෝජිතයෝද අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටිනවා

 

 

 

Share This