ජම්මු කාශ්මීරයට පළමුවරට විදුලි දුම්රියක්

ජම්මු කාශ්මීරයට පළමුවරට විදුලි දුම්රියක්

ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තය තුළ ධාවනය කෙරෙන පළමු විදුලි දුම්රිය ඔක්තෝබර් 2 වන දා ධාවනයට එක් කිරීමට නියමිතව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහි අත්හදා බැලීමේ කටයුතු මෙම මස අගදී කිලෝමීටර් 137 ක් පුරා දිවයන Banihal – Baramulla දුම්රිය ස්ථාන අතර සිදු කිරීමට නියමිතයි.

අදාළ ව්‍යාපෘතියේ විදුලිබල සැපයුම් කටයුතු අදියර 2 ක් යටතේ සිදු කෙරන අතර Baramulla – Budgam දුම්රිය ස්ථාන අතර විදුලි දුම්රිය ධාවනයට අවශ්‍ය කටයුතු ජූනි මාසය වනවිට අවසන් කර තිබෙනවා.

එහි දෙවන අදියර වන Budgam – Banihal දුම්රිය ස්ථාන අතර විදුලි දුම්රිය ධාවනය සදහා අවශ්‍ය කටයුතු ඉක්මනින් අවසන් කරන බවයි කාශ්මීර උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රධාන ප්‍රදේශ කළමනාකරු සකීබ් යූසුෆ් ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.

මෙම විදුලි දුම්රිය ව්‍යාපෘතියේ සමස්ථ පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 324 ක්.

Banihal සිට Baramulla දක්වා දිවෙන කිලෝමීටර් 137 ක් වන විදුලි දුම්රිය මාර්ගය අතර උප දුම්රිය ස්ථාන 3 ක් පවතින බව ද සඳහන්. ඒ අතර පිහිටි බල හුවමාරු මධ්‍යස්ථාන සංඛ්‍යාව 10 ක්.

මෙම විදුලි දුම්රිය ව්‍යාපෘතිය හරහා වායු දූෂණයට එල්ල කෙරෙන බලපෑම අවම වන අතර සාමාන්‍ය දුම්රිය සේවාවන්ට සාපේක්ෂව මෙහෙයුම් පිරිවැය ද 60 කින් පමණ පහල යනු ඇතැයි අපේක්ෂිතයි.

Share This