භාෂාව පදනම් කරගත් ව්‍යාපෘති

භාෂාව පදනම් කරගත් ව්‍යාපෘති

චීනය විසින් කොන්ෆියුසියස් ආයතන සිය ගණනක් දශක දෙකකට අඩු කාලයකදී රටවල් 150 කට වැඩි ගණනක පිහිටුවා ඇති අතර චීන ජනාධිපති ෂී ජින්පින් එම ආයතන “ලෝක සාමය සහ අන්තර්ජාතික සහයෝගීතාවය සඳහා චීනයේ නොනවතින උත්සාහයේ සංකේතයක්” ලෙස හඳුන්වා තිබෙනවා.

ජර්මනියේ Goethe-Institut හෝ බ්‍රිතාන්‍යයේ British Council වැනි සංවිධානවලට සමාන මෙම කොන්ෆියුසස් ආයතන හරහා චීන භාෂා පාඩම් සහ සංස්කෘතික හුවමාරු වැඩසටහන් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

විශේෂත්වය වන්නේ කොන්ෆියුසස් ආයතන රටවල විශ්වවිද්‍යාල තුළ ස්ථාපනය කර තිබීමයි.

කෙසේවෙතත් ජර්මනියේ අධ්‍යාපන අමාත්‍ය Betina Stark-Watzinger චීනයේ මෙම භාෂා මධ්‍යස්ථාන “කොමියුනිස්ට් පක්ෂය විසින් දේශපාලන අරමුණු සඳහා භාවිත කරන” බවට චෝදනා කර තිබෙනවා.

. “මම විශ්වවිද්‍යාල පීඨාධිපතිවරයෙක් නම් මම කොන්ෆියුසියස් ආයතනයකට ඉඩදෙන්නේ නැහැ” යැයි අමාත්‍යවරිය පවසා තිබුණා.

ජර්මනිය පමණක් නොව බ්‍රිතාන්‍යය විසින්ද මේ වන විට ප්‍රසිද්ධියේම මෙම චීන ප්‍රචාරක යාන්ත්‍රණය හෙළාදැක තිබෙනවා.

වත්මන් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂි සුනෙක් බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දුවලින් එකක් වූයේ තම රට තුළ පවතින කොන්ෆියුසස් ආයතන වසාදැමීමට පියවර ගන්නා බවයි.

කෙසේහෝ වේවා චීනය සිය පළමු විදේශීය කොන්ෆියුසියස් ආයතනය 2004 දී දකුණු කොරියාවේ විවෘත කරන ලද අතර, දැන් එවැනි ආයතන 550 ක් පමණ ලොව පුරා ස්ථාපනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජනපදය පදනම් කරගත් ජාතික විද්වතුන්ගේ සංගමය (NAS) පසුගිය වසරේ ජූනි මස වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇතැම් ඇමෙරිකානු විශ්වවිද්‍යාල චීන රජය සමඟ ගිවිසුම් අත්සන් කර ඇති බවට සාක්ෂි සොයාගෙන ඇති බවයි.

එම ගිවිසුම් මුළුමනින්ම චීනයේ මුදල් මත පදනම්ව ඇති බවද NAS අනාවරණය කර තිබෙනවා.කෙසේවෙතත් එක්සත් ජනපදයේ, කොන්ෆියුසියස් ආයතන 118 කින්, මේ වන විට 104 ක්ම වසාදැමීමට පියවර ගෙනඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

භාෂාව පදනම් කරගත් ව්‍යාපෘති බහුතරයක් ක්‍රියාත්මක වන්නේ ඒ ඒ රටවල පවතින උසස් අධ්‍යාපන ආයතන තුළ ස්ථාපනය කෙරෙන කොන්ෆියුසස් ආයතන හරහාය.

කොළඹ චීන තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් මේ දිනවල ක්‍රියාත්මක විවිධ ආකාරයේ සිල්ලර ආධාර බෙදාදීමේ වැඩසටහන් මෙරට ක්‍රියාත්මක වන අතර එම සෑම අවස්ථාවකටම චීන භාෂාව භාවිත කරමින් ද නාම පුවරු සහ බැනර් නිර්මාණය කර ප්‍රදර්ශනය කර ජනතාව දැනුවත් කර තිබෙනවා.

 

Share This