ජර්මනියේ 15 දෙනෙකු රෝහලට යැවූ අනතුර

ජර්මනියේ 15 දෙනෙකු රෝහලට යැවූ අනතුර

ජර්මනියේ මියුනිච් හිදී පිරිසක් අතරට මෝටර් රථයක් ධාවනය කරවීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන්ගෙන් කිහිපදෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙය අනතුරක් ද හිතාමතා සිදුකළ එකක් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි.

Share This