ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දියාවට

ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දියාවට

ජර්මනියේ ආරක්ෂක අමාත්‍ය බොරිස් පිටෝරියස් ඉන්දියාවට පැමිණ තිබෙනවා.

ඒ සිව්දින නිල සංචාරයක් සඳහායි.

ඊට සමගාමීව ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී කාර්මික සහයෝගීතාව සහ ආරක්ෂක සහයෝගීතා ගැටළු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයා මුම්බායි නුවර සංචාරය කිරීමට නියමිත බව හා ඊට සමගාමීව ඉන්දීය බටහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරය කරනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

Share This