ජර්මනියේ ප්‍රවාහන කටයුතු අඩාල වේ

ජර්මනියේ ප්‍රවාහන කටයුතු අඩාල වේ

ජර්මනියේ විශාලතම වෘත්තීය සමිති දෙකක් වැඩවර්ජනයක නිරතවන නිසා එරට ප්‍රවාහන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ගුවන් තොටුපළ, වරාය, දුම්රිය, බස්රථ සහ උමං මාර්ගවල කාර්යය මණ්ඩලය මධ්‍යම රාත්‍රියෙන් පසු පැය 24ක වැඩවර්ජනයක නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රට පුරා ඉහළ යන ජීවන වියදම හමුවේ වෘත්තීය සමිති වැඩි වැටුප් ඉල්ලා සිටින අතර වර්ජනයට සම්බන්ධ වෘත්තීය සමිති දෙක ජර්මනියේ විශාලතම වෘත්තීය සමිති අතර වන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ගුවන් තොටුපල ඇතුළුව රාජ්‍ය අංශයේ මිලියන 2.5 ක් පමණ සේවකයින් වැඩ වර්ජනයට එක්වන බවයි වාර්තා වී ඇත්තේ

ජර්මනියේ ගුවන් තොටුපළ සංගමය සඳහන් කරන්නේ වර්ජනය හේතුවෙන් ගුවන් මගීන් 380,000 ක් පමණ වර්ජනයෙන් පීඩාවට පත් වන බවයි.

Share This