ජල සොරකම් ගැන ඇසෙන කතාව

ජල සොරකම් ගැන ඇසෙන කතාව

බලුකිස්තානයේ පළාත් මන්ත්‍රීවරු සින්ද් පළාත තම ජල කොටස සොරකම් කළ බවට චෝදනා නගන බව මාධ්‍ය පවසනවා.

ඔවුන් ඉන්දු ගංගා පද්ධති අධිකාරියට (ඉර්සා) දොස් පවරා ඇත්තේ පළාත් ඒකක අතර සාධාරණ ලෙස ජලය බෙදා හැරීම සහතික කිරීමට අසමත් බව සඳහන් කරමින්.

පළාත් සභා සැසියක් අතරතුර හිටපු ජ්‍යෙෂ්ඨ පළාත් අමාත්‍ය මිර් සහූර් බුලේඩි චෝදනා කළේ නැවත නැවතත් පැමිණිලි කළත් සින්ද් ප්‍රාන්තය බලුකිස්තාන ප්‍රාන්තයේ ජලය සොරකම් කරන බවයි.

බලුකිස්තාන සන්නිවේදන සහ වැඩ අමාත්‍ය සර්ධාර් අබ්දුල් රෙහෙමාන්ට අනුව මෙය පළාතේ ගොවීන්ට සහ වගාකරුවන්ට දැඩි අහිතකර බලපෑම් ඇතිකර තිබෙනවා.

බලුකිස්තාන ප්‍රාන්තය සින්ද් ප්‍රාන්තයට තම ජල කොටස සොරකම් කිරීම සම්බන්ධයෙන් නිතරම චෝදනා කරන අතර නසීරාබාද් සහ ජෆරාබාද් දිස්ත්‍රික්කවල ගොවීන් පසුගිය වසර කිහිපය පුරාවට මෙම ක්‍රියාවට විරෝධය පළකර ඇති බව ද සඳහන්.

Share This