
ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කෙරේ
පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
වාන් දොරටු 4ක් අඩි 4 කින් සහ වාන් දොරටු 2ක් අඩි 3 කින් විවෘත කර ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ජලාශයභාර වාරිමාර්ග ඉංජිනේරු පවසන්නේ මේ වනවිට පැවති වර්ෂාපතනය හේතුවෙන් කලා වැවේ වාන් දොරටු 2 අඩි 1ක් මේ වන විට විවෘත කර ඇති බැවින් ඉන් තත්පරයට ඝන අඩි 1200 ක පමණ ජල ධාරිතාවක් නිකුත් කරමින් පවතින බවයි.
එබැවින් ජලාශයේ පහළ ප්රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙනවා.
මේ අතර රාජාංගන ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 6 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 7,800 මුළු ජල ප්රමාණයක් මුදා හරින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.