ජාත්‍යන්තර ගුවන් සමාගම් ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිටුවයි

ජාත්‍යන්තර ගුවන් සමාගම් ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිටුවයි

ගාසා තීරයට එල්ල වන ප්‍රහාර උත්සන්න වීම මධ්‍යයේ ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සමාගම් ඊශ්‍රායලයේ Tel Aviv අගනුවර වෙත ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.

American Airlines, Air Canada, Air France, Delta Air Lines, Egypt Air, Emirates, Finland’s Finnair, Dutch carrier KLM, Germany’s Lufthansa, Norwegian Air, Portugal’s TAP, Polish carrier LOT, Ryanair සහ United Airlines යන ගුවන් යානා ගුවන් ගමන් අත්හිටුවීම හෝ අඩු කිරීම සිදුකරන සමාගම් අතර වන බවයි.

රුසියාවද ඊශ්‍රායලයට රාත්‍රී ගුවන් ගමන් තහනම් කළ අතර එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය, යුරෝපා සංගම් ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය සහ ඊශ්‍රායලයේ ගුවන් සේවා අධිකාරිය ඇතුළු නියාමකයින් ඊශ්‍රායල ගුවන් සීමාවේ ප්‍රවේශම් වන ලෙස ගුවන් සමාගම්වලින් ඉල්ලා තිබෙනවා.

“අස්ථාවර දේශපාලන හා මිලිටරි තත්ත්වයක් ” නිසා ඊශ්‍රායලයට ගුවන් ගමන් සීමා කළ බව රුසියාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊශ්‍රායලයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ ගුවන් සමාගම් වත්මන් ආරක්ෂාව සහ තර්ජන පිළිබඳ තොරතුරු සමාලෝචනය කළ යුතු බවත් සමහර ගුවන් ගමන් මාර්ග වෙනස් කළ යුතු බවත්ය.

ගුවන් ගමන්වලදී සිදුවන ප්‍රමාදයන් අපේක්ෂා කළ යුතු බවත්, පූර්වාරක්ෂාව සඳහා අමතර ඉන්ධන රැගෙන යන ලෙස ඊශ්‍රායලයට පියාසර කරන ගුවන් සමාගම්වලට ඊශ්‍රායලයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය උපදෙස් ලබාදී තිබෙනවා.

චීනය, හොංකොං සහ දකුණු කොරියාවේ සිට පියාසර කරන ගුවන් සමාගම් ද Tel Aviv වෙත ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

එමෙන්ම හොංකොං හි ප්‍රධාන ගුවන් සේවය වන Cathay Pacific Airways පවසන්නේ ඊශ්‍රායලයේ නවතම තත්ත්වය සැලකිල්ලට ගනිමින් බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත Tel Aviv අගනුවර සඳහා වන ගුවන් ගමන් අවලංගු කරන බවයි.

Share This