ජාත්‍යන්තර යෝගා දිනය අදයි

ජාත්‍යන්තර යෝගා දිනය අදයි

ජාත්‍යන්තර යෝගා දිනය අදට(21) යෙදී තිබෙනවා.

පළමු ජාත්‍යන්තර යෝග දිනය 2015 ජුනි 21 වනදා සමරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජාත්‍යන්තර යෝග දිනය සෑම වසරකම ජුනි 21 වන දින සමරනු ලබන්නේ පුරාණ ඉන්දියාවේ ප්‍රථම වරට ආරම්භ වූ සාම්ප්‍රදායික යෝග ව්‍යායාමයට ගරු කිරීමක් වශයෙන්.

ජාත්‍යන්තර යෝගා දිනයේදී යෝගාවල වැදගත්කම සහ එහි ඇති ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගනු ලබනවා.

සෑම වසරකම ජාත්‍යන්තර යෝග දින සැමරුම් විශේෂිත තේමාවක් යටතේ පැවැත්වෙන අතර 2024 වර්ෂය සඳහා තේමාව වී ඇත්තේ “කාන්තා සවිබල ගැන්වීම සඳහා යෝගා” යන්නයි.

එය කාන්තාවන්ගේ ශාරීරික හා මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලබනවා.

ජාත්‍යන්තර යෝගා දිනය ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පිළිගනු ලැබුවේ 2014 වසරේදීයි.

එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත අසෝකේ මුකර්ජි යෝගා අභ්‍යාස සඳහා දිනයක් පිළිගැනීමට ජාත්‍යන්තර ආයතනයට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.

අගමැති නරේන්ද්‍ර මෝදි යෝගා සැමරීම සඳහා දිනයක් නියම කිරීම සහ එහි ප්‍රතිලාභ සම්බන්ධයෙන් ක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමෙන් පසුව මෙම යෝජනාව සම්මත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This