ජාලිය වික්‍රමසූරිය වරද පිළිගනී  (වීඩියෝ)

ජාලිය වික්‍රමසූරිය වරද පිළිගනී (වීඩියෝ)

මූල්‍ය වංචා පිළිබඳව ඇමරිකානු අධිකරණයකදී එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් එරට හිටපු ශ්‍රී ලංකාවේ තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා වරද පිළිගෙන තිබෙනවා.

ඔහු මෙලෙස වරද පිළිගෙන තිබෙන්නේ වොෂිටන් නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ගොඩැගිල්ලක් මිලදී ගැනීමේ දී ශ්‍රී ලංකා රජයට ඩොලර් 332,027ක මුදලක් වංචා කිරීමට අදාලව එල්ල වූ චෝදනාවටකයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකාවේ වොෂිටන් නගරයේ තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට යාමේදී ඩොලර් 332,027 ක මුදලක් වංචා කිරීමට අදාලව ජාලිය වික්‍රමසූරිය මහතාට චෝදනා එල්ල වුණේ 2013 වසරේයි.

ඒ වන විට ඔහු එරට ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියා.

මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් 2008 සිට 2014 දක්වා තානාපතිවරයා ලෙසින් ක්‍රියාකළ ජාලිය වික්‍රමසූරිය මහතාට චෝදනා නඟමින් එරට රජය නඩු පවරනු ලැබුවේ කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයේයි.

එරට අධිකරණ දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ ජාලිය වික්‍රමසූරිය මහතා, තමන්ට එල්ල වූ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගත් බවයි.

ඒ, අනුව ඔහුට වසර 05 ක උපරිමයකට යටත්ව සිර ද~ුමක් හා මූල්‍ය දඩයක් ද පැනවිය හැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Share This