
ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ කඨින පුණ්‍ය මහෝත්සවය 2025
නීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ 34 වැනි වරට කඨින පුජා මහෝත්සවය මෙවර ද ඉතා උත්කර්ෂවත්ව සිදුකෙරුණා.
ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක හැම්බර්ග් බෞද්ධ විහාරයේ ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන නාහිමි, නොර්වේ ඔස්ලෝ බෞද්ධ විහාරයිය ආචාර්ය උණපාන පේමානන්ද හිමි ප්‍රධාන මහා සංඝරත්නය හා භික්ෂුණින් වහන්සේලාද මේ පින්කම වෙනුවෙන් වැඩමකළා.
ආචාර්ය තවලම ධම්මික නාහිමි, තායිලන්ත ජාතික පලක්ඛණෝ හිමි, හල්විටිගල සුජාත හිමි ඇතුළු ස්වාමීන්වහන්සේලා මෙවර ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ වස් වසා වැඩ සිටියා.
මෙම උතුම් කඨින පුජා මහෝත්සවයේ සිදුකරණු ලැබුවේ විහාරස්ථ විශාඛා කුළගණ සමිතිය හා දායක දායිකාවන්ගේ දායකත්වය මතයි.
ශ්‍රී ලාංකික, තායිලන්ත, ලාඕස්, කාම්බෝජ, වියට්නාම, මියන්මාර, බංග්ලාදේශ, ස්විට්සර්ලන්ත හා ප්‍රංශ ජාතික බොහෝ දෙනාගේ සහභාගීත්වයෙන් අලංකාර වු මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ වෙළඳ ආහාර, පෝෂණ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපතිනී හිමාලි අරුණතිලක මහත්මිය ද මෙම උතුම් කඨින පුජා මහෝත්සවයට එක්වුණා.




