ජිනීවා හි පැවති 151 වැනි අන්තර් පාර්ලිමේන්තු සංගම් සම්මේලනයේ දී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇගයීමට

ජිනීවා හි පැවති 151 වැනි අන්තර් පාර්ලිමේන්තු සංගම් සම්මේලනයේ දී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇගයීමට

ජිනීවා හි පැවති 151 වැනි අන්තර් පාර්ලිමේන්තු සංගම් සම්මේලනයේ දී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ ශ්‍රී ලංකාවේ මෑතකාලීන ප්‍රගතිය පිළිබඳ ඇගයීමට ලක් කර තිබෙනවා.

ජිනීවා හි පැවති 151 වැනි අන්තර් පාර්ලිමේන්තු සංගම් සම්මේලනයට සමගාමීව සංවිධානය කර තිබූ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ රැස්වීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් පසුගිය ඔක්තෝබර් 23 වැනිදා සහභාගී වුණා.

අන්තර් පාර්ලිමෙන්තු සංගමයේ ස්ත්‍රී පුරුෂ හවුල්කාරීත්ව වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම සැසියේ දී පාර්ලිමේන්තුව තුල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඉදිරියට ගෙනයාමේ අත්දැකීම් ,යහපත් භාවිතයන් සහ අභියෝග හුවමාරු කරගැනීම සඳහා බෙනින්,බූතානය,බුර්කිනා පාසෝ ,චැඩ්,ගැම්බියා,නැමීබියා ,සියරාලියොන්,තුර්කිය සහ සැම්බියාව යන රටවන නියෝජිතයින් ද එක්ව සිටියා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රට තුල සිදු වූ නව දේශපාලන පරිවර්තනය සමග කාන්තා දේශපාලන සහභාගීත්වය සැලකිය යුතු ලෙස වැඩිකි‍රීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඔෂානි උමංගා මහත්මිය කරුණු පෙන්වා දී තිබෙනවා.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් කරමින් එහි කාන්තා නියෝජනය සියයට 5 සිට සියයට 10 දක්වා ඉහළ නැංවීමට සහ “ගැහැණු අපි එක මිටට” ජාතික ව්‍යාපාරය පිළිබඳව ද එහිදී කරුණු දක්වා තිබුණා.

මෙහිදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ දායකත්වය අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ඇගයීමට ලක්ව තිබෙනවා.

– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.

 

Share This