ජීවත්ව සිටියදීම මරණ සහතිකයක් ලැබී රජයේ දීමනා අහිමිව ජීවත් වන ගැහැනියක්

ජීවත්ව සිටියදීම මරණ සහතිකයක් ලැබී රජයේ දීමනා අහිමිව ජීවත් වන ගැහැනියක්

ජීවත්ව සිටියදීම මරණ සහතිකය ලැබීම නිසා අස්වැසුම ප්‍රතිලාභ පවා අහිමිව දිවිගෙවන අසරණ කාන්තාවක් පිළිබඳ පුවතක් මාතර, අතුරලිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ජීවත්ව සිටින කෙනකුට මරණ සහතිකයක් ලැබුණා කියන්නේ කොයි කවුරු වුණත් පුදුමයට පත්වන කාරණයක්.

අන්න ඒ පුදුමය අත් විඳිමින්, සිය මරණ සහතිකය අතැතිව දුක් කම්කටොළු රැසකට මුහුණ පාමීන් සිටින මාතර අතුරලිය ප්‍රදේශයේ ජීවත්වන බේබිහාමි තාම ජීවත්වෙන්නෙ කිසිම හව්හරණක් නැතිවයි.

වේනගම ග්‍රාම නිළධාරි වසමේ මාළුවරාල, අලුත්හේන ගමේ පදිංචි ඇය සම්පූර්ණ නම කලුහලාමුල්ලගේ බේබිහාමි.

හැට තුන් හැවිරිදි වියේ පසුවන ඇය තම දරුදෙදෙනා විවාහ වීමෙන් පසු මේ කුඩා නිවසේ තනිවම ජීවත් වනවා.

මීට වසර තුනකට පමණ පෙර මියගිය කලුහලාමුල්ලගේ බේබිහාමි නම් සිය නැන්දනියගේ නමින් නිකුත් කළ මරණ සහතිකය ,ඇගේ නමට ලැබුණ නිසා මේ වන විට ජීවත් වන බේබිහාමිට ගැටලු රැසකට මුහුණ දෙන්නයි සිදුව ඇත්තේ.

අපේ රටේ රාජ්‍ය සේවයේ තරම කියා පාමින් මේ හුදෙකලා ගැහැනියට අස්වැසුම හෝ වෙනත් රජයේ දීමනා ද අහිමිවයි දිවි ගෙවන්නට සිදුව ඇත්තේ.

 

Share This