ජීවන ගමනට සමු දුන් ඕස්ට්‍රේලියාවේ විකට නළු

ජීවන ගමනට සමු දුන් ඕස්ට්‍රේලියාවේ විකට නළු

ඕස්ට්‍රේලියාවේ විකට නළුවෙකු වන Barry Humphries මියගොස් තිබෙනවා.

සිඩ්නි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති ඔහු 89 හැවිරිදි වියේ පසු වුණා.

උකුල් ප්‍රදේශයේ ඇති වූ ආබාධයකට සිදු කළ සැත්කමකින් පසු ඇති වූ සංකූලතාවක් හේතුවෙන් රෝහල්ගත කර සිටියදී Barry Humphries මෙලෙස මියගොස් තිබෙනවා.

Dame Edna Everage නම් වූ විකට චරිතයක් හේතුවෙන් වඩාත් ජනාදරයට පත්ව සිටියා.

හම්ෆ්‍රීස්ගේ වඩාත් ප්‍රසිද්ධ නිර්මාණය 1970 ගණන්වල එක්සත් රාජධානියේ ජනප්‍රිය වූ අතර 1980 දශකයේ අගභාගයේ දී රූපවාහිනී කතාබස් වැඩසටහනක් වන The Dame Edna Everage Experience ආරම්භ වීම හැඳින්විය හැකියි.

. Barry Humphries මියයාම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese සිය ශෝකය ද පළ කර තිබෙනවා.

Share This