ජීවිතයට සමු දුන් ඔලිම්පික් ශූරිය

ජීවිතයට සමු දුන් ඔලිම්පික් ශූරිය

ඔලිම්පික් පදක්කම්ලාභී සහ ලෝක කෙටිදුර ධාවන ශූරී ටෝරි බෝවි (Tori Bowie) මියගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මිය යන විට ඇය 32 හැවිරිදි වියේ පසු වූ බවයි

ෆ්ලොරීඩා හි පිහිටි නිවසේ දී ඇය මියගොස් සිටියදී ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

ඇය විසින් තෙවතාවක් ඔලිම්පික් පදක්කම් හිමි කර ගෙන ඇති අතර 2011 වසරේ Carmelita Jeter ට පසු ඔලිම්පික් හා ජාත්‍යන්තර මට්ටමේ මීටර් 100 ශූරතාව දිනූ එකම ඇමරිකානු කාන්තාව ඇය වනවා

Share This