ජීවිතයට සමුදුන් ඩොනල්ඩ් සදර්ලන්ඩ්

ජීවිතයට සමුදුන් ඩොනල්ඩ් සදර්ලන්ඩ්

The Hunger Games සහ Don’t Look Now ඇතුළු චිත්‍රපටවල රඟපෑ තරුවක් වූ හොලිවුඩ් සිනමාවේ සදා අමරණීය රංගන ශිල්පියකු ලෙස සැලකෙන ඩොනල්ඩ් සදර්ලන්ඩ් මියගොස් තිබෙනවා.

88 හැවිරිදි වියේ පසුවූ ඔහු කලක් තිස්සේ රෝගාතුරව සිටීමෙන් පසු මෙලෙස මියගිය බවයි ඔහුගේ පුත්, රංගන ශිල්පී කීෆර් සදර්ලන්ඩ් සඳහන් කරන්නේ.

කැනේඩියානු රංගන ශිල්පියකු වන ඩොනල්ඩ් සදර්ලන්ඩ්, රංගනයට යොමු වූයේ 1960 දශකයේදීයි.

2020 වනතුරු ඔහු සිනමා නිර්මාණ රැසකට මෙන්ම රූපවාහිනී කතා මාලා රැසකටද ඔහුගේ රංගන දායකත්වය ලබා දුන්නා.

එමෙන්ම ඩොනල්ඩ් සදර්ලන්ඩ් 2017 දී ගෞරවනීය ඇකඩමි සම්මානයක්ද හිමි කරගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This