ජේසුස් වහන්සේ කුරුසිය මත ඇණ ගැසූ මහ සිකුරාදා දිනය අදයි (VIDEO)

ජේසුස් වහන්සේ කුරුසිය මත ඇණ ගැසූ මහ සිකුරාදා දිනය අදයි (VIDEO)

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදට (18) යෙදී තිබෙනවා

ඒ අනුව ලෝවැසි සියලුදෙනා පවින් මුදවා ගැනීමට එදා ජේසුස් වහන්සේව කුරුසියේ ඇණ ගැසූ බවයි ශුද්ධවූ බයිබලයේ දැක්වෙන්නේ

ලොව පුරා වෙසෙන කතෝලික ජනතාව අද දවස පුරා දේවස්ථානයේ වත්පිළිවෙත්වලට සම්බන්ධ වෙමින් ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය මෙනෙහි කරනු ලබනවා

මහ සිකුරාදා දිනයේදී ලොව පුරා ඇති දේවස්ථානවල ජේසුස් වහන්සේගේ කුරුසියේ ගමන සිහිපත් කරමින් පාද නමස්කාරයද, උන්වහන්සේගේ මරණය සිහිපත් කරමින් කුරුසියේ වන්දනාව හා කුරුස සිපාචාරය යන මෙහෙයන් පැවැත්වෙනවා.

මහ සිකුරාදා දිනයේදී ජේසුස් වහන්සේගේ දුක් විදීම හා මරණය සිහි කරන අතර හෙට (19) එනම් ආලේලූයා සෙනසුරාදා ලෙසයි නම් කර ඇත්තේ

ඒ අනුව කිතුණු ජන වන්දනාවේ වැදගත්ම මංගල්‍යය පාස්කු මංගල්‍යය ලෙස හදුන්වන අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට (20) යෙදී තිබෙනවා

 

 

 

Share This