ජෝ බයිඩන් ඊශ්‍රායල-හමාස් ගැටුමේ විරාමයක් ඉල්ලයි

ජෝ බයිඩන් ඊශ්‍රායල-හමාස් ගැටුමේ විරාමයක් ඉල්ලයි

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මිනියාපොලිස් හි පැවති මැතිවරණ ප්‍රචාරක දේශනයකදී ඊශ්‍රායල-හමාස් ගැටුමේ විරාමයක් ඉල්ලා තිබෙනවා .

200ක පමණ පිරිසකට කතා කරමින් සිටියදී කාන්තාවක් ජනාධිපතිවරයාට බාධා කරමින් සටන් විරාමයක් ඉල්ලා සිටින ලෙස ඔහුගෙන් ඉල්ලු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඔක්තෝබර් 7 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු පුද්ගලයන් 1,400ක් මිය ගොස් පුද්ගලයන් 239ක් ප්‍රාණ ඇපයට ගත් අතර ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලීම දිගින් දිගටම සිදු කරමින් සිටිනවා

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර බෝම්බ ප්‍රහාරය ආරම්භ වූ දා සිට 8,700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

Share This