ජෝ බයිඩන් එක්සත් රාජධානියට – චාල්ස් රජු මෙන්ම රිෂි සුනක්ද හමුවීමේ බලාපොරොත්තුවෙන්

ජෝ බයිඩන් එක්සත් රාජධානියට – චාල්ස් රජු මෙන්ම රිෂි සුනක්ද හමුවීමේ බලාපොරොත්තුවෙන්

මෙම සතිය අගදී ලිතුවේනියාවේ පැවැත්වෙන නේටෝ සමුළුවට සහභාගී වීමට පෙර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එක්සත් රාජධානියට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේනයට බෝම්බ යැවීමට රටවල් කිහිපයකින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඉල්ලා තිබු අතර එක්සත් රාජධානිය සහ කැනඩාව සාමාන්‍ය වැසියන්ට ඇති විය හැකි අනතුරු තත්ත්වයන් ගැන කණස්සල්ල පළ කර තිබුණා

යුක්‍රේනයේ ආයුධ තොග අඩුවෙමින් පවතින බැවින් ඒවා අවශ්‍ය බවයි එක්සත් ජනපදය පවසන්නේ

එමෙන්ම අද (10) දිනයේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් හමුවනු ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

එම හමුවිමේදී යුක්‍රේනයේ පවතින යුද්ධය ඇතුළු විවිධ කරුණු සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා .

එමෙන්ම එක්සත් රාජධානියේ සිටියදී ,එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් චාල්ස් රජු හමුවනු ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Share This