ජෝර්දාන ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ප්‍රතිචාරය තමන් තීරණය කළ බවට බයිඩන්ගෙන් ප්‍රකාශයක්

ජෝර්දාන ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ප්‍රතිචාරය තමන් තීරණය කළ බවට බයිඩන්ගෙන් ප්‍රකාශයක්

ජෝර්දානයේදී අමෙරිකානු හමුදා තිදෙනෙකුට මරු කැඳවූ ඩ්‍රෝන ප්‍රහාරයට එක්සත් ජනපදය ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි තමන් තීරණය කළ බව ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙනවා

ධවල මන්දිරයේදී ඔහුගේ ප්‍රකාශ කර ඇත්තේ මැදපෙරදිග අපට පුළුල් යුද්ධයක් අවශ්‍ය යැයි නොසිතන බවයි

මේ අතර එක්සත් ජනපද හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයේ වගකීම ඉරානයේ සහාය ලබන මිලීෂියා කණ්ඩායමක් භාරගෙන තිබෙනවා .

සිරියානු දේශසීමාව ආසන්නයේ පසුගිය ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ

 

Share This