ජෝර්දානයේ ඔටුන්න හිමි කුමරුගේ විවාහයට ගිය විලියම් සහ කේට් (VIDEO)

ජෝර්දානයේ ඔටුන්න හිමි කුමරුගේ විවාහයට ගිය විලියම් සහ කේට් (VIDEO)

ජෝර්දානයේ ඔටුන්න හිමි හුසේන් කුමරු සෞදි අරාබියේ ප්‍රමුඛ පෙළේ පවුලක දියණියක් වන ගෘහ නිර්මාණ ශිල්පී රාජ්වා අල් සයිෆ් සමග විවාහ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

අම්මාන් හි මාලිගාවක පැවති මේ උත්සවය සඳහා රාජකීයයන් සහ ලොව පුරා සිටින අනෙකුත් ප්‍රභූවරුන් සමග විලියම් කුමරු සහ කේට් කුමරිය එක්වීමද විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එක්සත් ජනපද ජනාධිපති ආර්යාව වන ජිල් බයිඩන්ද මේ සඳහා එක්ව තිබෙනවා

ජෝර්දාන වැසියන් වීදි බැස විවාහ උත්සවය සැමරූ අතර සාම්ප්‍රදායික නැටුම් ගැයුම්ද ඒ අතරට එක්වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ

Share This