ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීමට ගිය 5ක් අතුරුදන් – සෝදිසි මෙහෙයුම් ඇරඹේ

ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීමට ගිය 5ක් අතුරුදන් – සෝදිසි මෙහෙයුම් ඇරඹේ

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගිය පස් දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මොවුන් ජලයේ ගිල්විය හැකි සබ්මැරීනයක සිට ඇති අතර ඔවුන් සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බවයි පැවසෙන්නේ

සබ්මැරීනය ගමන් ආරම්භ කිරීමෙන් පසු පැය 1 යි විනාඩි 45 කින් සම්බන්ධතා නැති වූ බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසනවා

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගවේෂණය මෙහෙයවූ කණ්ඩායම වන OceanGate Expeditions පවසන්නේ අතුරුදහන් වූ සබ්මැරීනයේ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් පස්දෙනා ආරක්ෂිතව සොයා ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

සංචාරක සබ්මැරීනයක් අතුරුදහන් වීමෙන් පසු අත්ලාන්තික් සාගරයේ දැවැන්ත සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

අතුරුදහන් වූ සබ්මැරීනයේ සිටි අය අතර 58 හැවිරිදි බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු සහ ගවේෂකයෙකු වන හමිෂ් හාඩින් ද සිටින බව ඔහුගේ පවුලේ අය සඳහන් කර තිබෙනවා .

Share This