අතුරුදන් වූ සංචාරක සබ්මැරීනය සොයා තවදුරටත් මෙහෙයුම්

අතුරුදන් වූ සංචාරක සබ්මැරීනය සොයා තවදුරටත් මෙහෙයුම්

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ සංචාරක සබ්මැරීනය සොයා ගැනීම සඳහා එක්සත් ජනපද සහ කැනේඩියානු සෙවුම් කණ්ඩායම් කාලයත් සමග දැඩි සටනක යෙදෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඉරිදා (18) දිනයේ අතුරුදන්වූ මෙම සංචාරක සබ්මැරීනයේ සිටි සාමාජිකයින්ට දළ වශයෙන් දින හතරකට පමණ ඔක්සිජන් ඉතිරිව තිබූ බවයි බලධාරීන් විශ්වාස කරන්නේ .

ඒ අනුව මෙහෙයුම් කඩිනම් කර ඇති අතර අතුරුදන්වූවන් අතර බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති ව්‍යාපාරික හා ගවේෂක හමිෂ් හාඩින් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සබ්මැරීනය ගමන් ආරම්භ කිරීමෙන් පැයකුත් විනාඩි 45ක් පමණ යන විට සම්බන්ධතා නැතිව ගොස් ඇති අතර පුද්ගලයන් පස් දෙනෙකු යානයේ සිට ඇති බවයි බලධාරීන් පවසන්නේ

ගලවා ගැනීමේ මෙහෙයුම අත්ලාන්තික් සාගරයේ දිගටම ක්‍රියාත්මක වන නමුත් යාත්‍රාව පිළිබඳ කිසිදු සලකුණක් මෙතෙක් ලැබී නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

රාජ්‍ය ආයතන, දෙරටේම නාවික හමුදා සහ තවත් මුහුදු සමාගම් ගලවා ගැනීමේ මෙහෙයුමට උදව් කරන බවත් යාත්‍රාව සෙවීමේ කටයුතු සඳහා ගුවන් හමුදා යානා සහ සබ්මැරීනයක් ද යොදා ගෙන ඇති බව සඳහන් .

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි ශාන්ත ජෝන් සිට සැතපුම් 435 පමණ දකුණින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ

Share This