ටවාන්ග්හි ගැටුමෙන් පසුව ඉන්දියාව සහ චීනය අතර එකඟතාවයක්

ටවාන්ග්හි ගැටුමෙන් පසුව ඉන්දියාව සහ චීනය අතර එකඟතාවයක්

අරුණාචල් ප්‍රාන්තයේ ටවාන්ග්හි ඉන්දීය හා චීන සොල්දාදුවන් අතර ගැටුමක් ඇති වී සති දෙකක් ගත වීමෙන් පසු නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේ සැබෑ පාලන රේඛාව සම්බන්ධයෙන් දේශසීමා ගැටළු සාකච්ඡා කර විසදා ගැනීමට දෙරටේ හමුදා ප්‍රධානීන් එකඟ වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

දෙපාර්ශ්වය විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වෙන්නේ දෙරටේ නායකයින් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව පවතින ගැටළු හැකි ඉක්මනින් විසඳීමට ඔවුන් උත්සාහ කරමින් සිටින බවයි.

චීන හමුදා සාමාජිකයන් පිරිසක් ඉන්දීය පාලන ප්‍රදේශයට ඇතුළුවීමත් සමග මෙම ගැටුම හටගත් අතර එහිදී ඉන්දීය හමුදා සාමාජිකයන් විසින් පොලුවලින් පහරදී චීන හමුදා සාමාජිකයන් පළවා හරින අන්දම දැක්වෙන වීඩියෝ පවා සමාජ ජාලාවල සංසරණය වුණා.

ඇතැම් අර්බුදකාරී ප්‍රදේශවල චීන හමුදා රැඳී සිටීම, චීනය දේශසීමා කලාපයේ යටිතල පහසුකම් සීඝ්‍රයෙන් ඉහළ නැංවීම , වරින්වර හටගන්නා ගැටුම් ආදිය හේතුවෙන් කලාපයේ දේශසීමා ආශ්‍රිතව උණුසුම් වාතාවරණයක් පවතිනවා.

Share This