
ට්‍රම්ප් එක්වූ ඇමරිකා හමුදා සංවත්සර උත්සවයට සමාජ මාධ්‍ය පරිශීලකයින් ගෙන් සමච්චල්
එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සනිටුහන් කරමින් පැවැත්වෙන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හමුදා පෙළපාළිය, සමාජ මාධ්‍ය පරිශීලකයින් සමච්චලයට ලක් කරමින් සිටිනවා.
ඒ, මෙම සංදර්ශනයේ වීඩියෝ සමාජ මාධ්‍යවල පළ වීමෙන් පසුවයි.
ජනාධිපතිවරයා සෑම පෙළපාලි කණ්ඩායමකටම ආචාර කරන අතරතුර, ඇමරිකානු හමුදා කිසිදු සම්බන්ධීකරණයකින් තොරව, කුඩා ජනකායක් ඉදිරිපිට අලස ලෙස ගමන් කරන ආකාරය එම දර්ශනවල දැක් වෙනවා.
ඩොලර් මිලියන 45 ක් පමණ වැය වූ මෙම පෙළපාළිය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් ,පරිපාලන නිලධාරීන් සහ හමුදා නායකයින් ඇතුලු පිරිසක් එක් ව සිටියා.