ට්‍රම්ප් නඩු විභාගයට සූදානමින්

ට්‍රම්ප් නඩු විභාගයට සූදානමින්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිව්යෝර්ක් නගරයේ ට්‍රම්ප් ටවර් හි නීතීඥවරුන්ගෙන් උපදෙස් ලබා ගනිමින් ඔහුට එල්ල වී ඇති චෝදනාවලට මුහුණ දීමට සූදානම් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2016 වසරේදී සිය මැතිවරණ ව්‍යාපාරයේදී අසභ්‍ය චිත්‍රපට තරුවකට මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් ජූරි සභාව ට්‍රම්ප්ට එරෙහිව අධි චෝදනා ගොනු කරනු ලැබු අතර එයට ඔහු අධිකරණයට පැමිණ කරුණු දක්වනු ඇති.

මෑන්හැටන් උසාවියෙන් පිටත විරෝධතා අපේක්ෂාවෙන් ආරක්ෂාව තර කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

76 හැවිරිදි ට්‍රම්ප් අපරාධ නඩුවකට මුහුණ දුන් පළමු එක්සත් ජනපද හිටපු ජනාධිපතිවරයාද වනවා

ඔහුගේ අධිචෝදනා පත්‍රයේ චෝදනා 30ක් පමණ තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා .

Share This