ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ විවාදවලට සහභාගී නොවන බව තහවුරු කරයි

ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ විවාදවලට සහභාගී නොවන බව තහවුරු කරයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ විවාදවලට සහභාගී නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා

2024 මැතිවරණය සඳහා පක්ෂයේ අපේක්ෂකයා වීමට අනෙකුත් අයට වඩා තමාට අවස්ථාව ඇති බව නවතම මත විමසුමකින් පෙන්නුම් කළ බවද හිටපු ජනාධිපතිවරයා පවසනවා

කෙසේවෙතත් පළමු රිපබ්ලිකන් ජනාධිපති ප්‍රාථමික විවාදය අගෝස්තු 23 වෙනිදා පැවැත්වෙනු ඇති

දෙවන විවාදය පසු දිනයේ පැවැත්වෙන අතර ඉදිරි මාසවලදී අවම වශයෙන් තවත් විවාදයන් දෙකක් අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

රිපබ්ලිකන් ප්‍රාථමික මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම 2024 ජනවාරි 15 වන දින අයෝවා ප්‍රාන්තයෙන් ආරම්භ වන නමුත් එය ජය ගැනීම සඳහා තවත් විවාද පැවැත්වීමට ඉඩ ඇති බවද සඳහන්

සාපරාධී චෝදනා රැසකට මුහුණ දී සිටින ට්‍රම්ප් මේ වන විට රිපබ්ලිකන් අපේක්ෂකත්වයේ ඉදිරියෙන්ම සිටින බව මෑත කාලීන මත විමසුම්වලින් නිරන්තරයෙන් පෙන්නුම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිව් වතාවක් සාපරාධී අධිචෝදනා ගොනු කර තිබෙනවා

Share This