
ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇඟවීමක්
ගාසා තීරයේ රඳවා සිටින සියළු ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කළ යුතු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසන් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
එසේ නොකරන්නේ නම්, හමාස් සංවිධානයට විශාල වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවත්, කිසිදු හමාස් සාමාජිකයකු ආරක්ෂා නොවන ලෙස මිහිපිටින් තුරන් කරන බවයි ඔහු පවසා ඇත්තේ.
ට්‍රම්ප් මෙසේ තර්ජනය කළේ, අමෙරිකාවේ මැදිහත් වීමෙන්, හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාම සාකච්ඡා පැවැත්වෙද්දී වීමද විශේෂත්වයක්.
එමෙන්ම ජනාධිපතිවරයා හමාස් සංවිධානයට දැනුම් දී තිබෙන්නේ ගාසාවේ ජනතාවට සුන්දර අනාගතයක් අවශ්‍ය බැවින් ඉන් පිටව යන ලෙසයි.