ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සජිත්ගෙන් ජනපතිට සාධනීය යෝජනා රැසක්

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සජිත්ගෙන් ජනපතිට සාධනීය යෝජනා රැසක්

ජනාධිපතිවරයා සමග අද පැවැති සර්ව පාක්ෂික සමුළුවේ දී අමෙරිකාව විසින් මෙරට අපනයන කෙරෙහි පනවා ඇති 44%ක ප්‍රතිචාරක බදු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඒ සදහා මුහුණ දීමට අවශ්‍ය සාධනීය යෝජනා රැසක් ඉදිරිපත් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබෙනවා.

එහිදී පවතින IMF ගිවිසුම සංශෝධනය කිරීම කෙරෙහි වන යෝජනාවක් ද ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බවයි ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ.

ප්‍රතිචාරක බදු 44%ක් අමෙරිකාව විසින් පැනවීම යන මාතෘකාව යටතේ ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුව අවසානයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කර සිටියා.

Share This