ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරය පිටුපස ඉරානය -බුද්ධි අංශ අනාවරණයක්-

ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරය පිටුපස ඉරානය -බුද්ධි අංශ අනාවරණයක්-

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අනවසරයෙන් ඇතුළුවීම පිටුපස ඉරානය සිටි බව අමෙරිකානු බුද්ධි අංශ නිලධාරීන් තහවුරු කර තිබෙනවා.

එෆ්බීඅයි සහ අනෙකුත් ෆෙඩරල් ආයතන ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානය අමෙරිකානු මැතිවරණයට මැදිහත් වීමට තෝරාගෙන ඇත්තේ “අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි අසමගිය ඇති කිරීමට සහ විශ්වාසය බිඳ දැමීමට” බවයි.

ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරය ඉරානයට තම අභ්‍යන්තර පණිවිඩ හැක් කිරීම සම්බන්ධයෙන් බලපෑම් එල්ල කර ඇත්තේ පසුගිය අගෝස්තු 10 වනදා වන අතර ඉරාන නිලධාරීන් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත්තේ.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ ඉරාන හැකර්වරුන් ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක කමලා හැරිස්ගේ ප්‍රචාරක ව්‍යාපාරයද ඉලක්ක කර ඇති බවට සැක කරන බවයි.

Share This