
ට්‍රම්ප්ට එල්ල වූ ප්‍රහාරය ඔහුට එරෙහි ඝාතන තැතක් -FBI අනාවරණය කරයි-
අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ඔහුව ඝාතනය කිරීමට දැරූ ප්‍රයත්නයක් බව FBI ඒජන්සිය පවසනවා.
ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එහි විමර්ශන නියෝජිතයන්, ප්‍රතිචාර කණ්ඩායම් ඇතුළු පිරිසක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා එය සිදුකළේ කුමන චේතනාවකින් ද යන්න සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීම සඳහා බලධාරීන් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව FBI හි පිට්ස්බර්ග් විශේෂ නියෝජිත කෙවින් රොජෙක් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වන තොරතුරු අනාවරණය කරගැනීම සඳහා සහය වන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලීමක් ද සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.