ටාටා සමූහයේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි ජීවිතක්ෂයට

ටාටා සමූහයේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි ජීවිතක්ෂයට

ටාටා සමූහයේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ඔහු මෝටර් රථයකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර් දිස්ත්‍රික්කය හරහා මුම්බායි බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා

එමෙන්ම තවත් පුද්ගලයෙකු මිය ගොස් තවත් මගීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන්දියාවේ බටහිර මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පොලිසිය පවසනවා.

රටේ විශාලතම සමූහ ව්‍යාපාරය වන ටාටා හි හිටපු සභාපතිවරයාගේ මරණය ව්‍යාපාරික ලෝකයට විශාල පාඩුවක් ලෙසයි ඉන්දීය අගමැතිවරයා පවසන්නේ

54 හැවිරිදි මිස්ට්‍රි මහතා ටාටා සමූහයේ සභාපති ධුරයෙන් ඉවත් කර ඇත්තේ 2016 වසරේ දී .

Share This