ටොනාඩෝ නිසා අමෙරිකාවේ මියගිය ගණන 25 දක්වා ඉහළට

ටොනාඩෝ නිසා අමෙරිකාවේ මියගිය ගණන 25 දක්වා ඉහළට

අමෙරිකාවේ ප්‍රාන්ත දෙකකට බලපා ඇති ටොනාඩෝ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 25 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට අමතරව තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙන්ටකි සහ ලෝරල් ප්‍රාන්තවලට මෙලෙස ටොනාඩෝ තත්ත්වයන් හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

ගොඩනැගිලි 5000කට පමණ හානි සිදුව ඇති අතර ප්‍රදේශ රැසක විදුලිය ද බිඳ වැටී ඇති බව සඳහන්.

වාර්තා වන මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව සඳහන් කරන එරට බලධාරීන් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි සඳහන් කර ඇත්තේ.

Share This