ටොනේඩෝවලින් අමෙරිකාවේ මිය ගිය ගණන 32 දක්වා ඉහළට (VIDEO)

ටොනේඩෝවලින් අමෙරිකාවේ මිය ගිය ගණන 32 දක්වා ඉහළට (VIDEO)

අමෙරිකාවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට බලපෑ ටොනේඩෝවලින් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉන් පස් දෙනෙක් Arkansas ප්‍රාන්තයේ බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම Arkansas ප්‍රාන්තයේ ජනතාවට ආධාර ලබා දී ඇති බවයි ධවල මන්දිරය සඳහන් කරන්නේ

Alabama, Delaware, Illinois, Indiana, Mississippi සහ Tennessee ප්‍රාන්තවලින්ද මරණ වාර්තා වී තිබෙනවා

Tennessee ප්‍රාන්තයේ පමණක් මරණ 12ක් වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ

අමෙරිකාවේ ප්‍රාන්ත හතකට බලපෑ 50කට වැඩි ටොනේඩෝවලින් නිවාස, ගස් ,සහ වාහනවලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

දරුණු කාලගුණ තත්ත්වය ටෙක්සාස් වෙත ළඟා වීමත් සමග Dallas Fort Worth ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ Dallas Love Field ගුවන්තොටුපළවල්වල ගුවන් ගමන් තාවකාලිකව නවතා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This