ඩිජිටල් තාක්ෂණය භාවිතයේ දී  නියාමන රාමුවක අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය මතු කරයි

ඩිජිටල් තාක්ෂණය භාවිතයේ දී නියාමන රාමුවක අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය මතු කරයි

ඩිජිටල තාක්ෂණය භාවිත කිරීමේදී දත්ත වල සුරක්ෂිතභාවය,පෞද්ගලිකත්වය සහ සදාචාරාත්මක කරුණු සහතික කරන නියාමන රාමුවක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

eMHIC ගෝලීය ඩිජිටල් මානසික සෞඛ්‍ය පිළිබඳ අන්තර්ජාතික සහයෝගිතාව සමඟ පැවත්වූ ඩිජිටල් මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවේදී අග්‍රාමිත්‍යතුමිය මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වන අභියෝග විසඳීම සඳහා නව්‍ය, තාක්ෂණික විසඳුම් ගවේෂණය කිරීම මෙම සාකච්ඡාවේ අරමුණයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පුළුල් ඩිජිටල්කරණ සඳහා වන වැඩසටහනෙහි අංගයක් ලෙස, පවතින මානසික සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය විසඳුම් පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇති බව සදහන් කළා.

එමෙන්ම නවෝත්පාදනය දිරිමත් කරමින් ඩිජිටල් තාක්ෂණය මූලික කරගත් කාර්යක්ෂමතාව, ආරක්ෂාව, දත්ත පෞද්ගලිකත්වය, සුරක්ෂිතභාවය සහ අනෙකුත් සදාචාරාත්මක කරුණු සහතික කිරීම සඳහා නියාමන රාමුවක් ඇති කිරීමත් අවශ්‍ය බව ඇය එහිදී අවධාරණය කළා.

මෙම අවස්ථාවට කැනඩාවේ සෙනෙට් සභික Kathy Hay මහත්මිය, eMHIC (EEMICK) ජාත්‍යන්තර සහයෝගිතාවේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය Anil Thapliyal ඇතුළු eMHIC ජාත්‍යන්තර සහයෝගිතාවේ නියෝජිතයින්, රජයේ නිලධාරීන්, ශාස්ත්‍රඥයින් සහ වෘත්තීය ආයතනවල නියෝජිතයින්, ඩිජිටල් ක්ෂේත්‍රයේ වෘත්තිකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, තාක්ෂණික විශේෂඥයින්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

 

 

Share This