ඩෙල්ටා බෝම්බය පුපුරා යාමට ඉඩ නොදීම ජනතාවගේ වගකීමක් -මහාචාර්ය චන්න ජයසුමන

ඩෙල්ටා බෝම්බය පුපුරා යාමට ඉඩ නොදීම ජනතාවගේ වගකීමක් -මහාචාර්ය චන්න ජයසුමන

මෙරට ඉදිරියේ දැන් තිබෙන්නේ පුපුරා යෑමට ආසන්න භයංකාර “ඩෙල්ටා බෝම්බයක්” බවත් ජනතාව පරිස්සම්කාරී නොවූණහොත් එය කොයි මොහොතේ හෝ පුපුරා යා හැකි බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

මෙම ඩෙල්ටා බෝම්බය ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ පුපුරා ගිය බවද අමාත්‍යවරයා සඳහන් කරනවා

එම බෝම්බයේ විනාශය අත්කර ගන්නවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය පවතින්නේ ජනතාව අත බවයි ඔහු පවසන්නේ

එමෙන්ම ජනතාව සංචරණ සීමා කර ගනිමින් , සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිමින් කටයුතු නොකළහොත් එම බෝම්බය තමන්ගේ නිවෙස්වලටද පැමිණිය හැකි බවටත් අමාත්‍යවරයා අනතුරු අඟවනවා

කොවිඩ්වලින් මරණ වළක්වා ගැනීමට නම් වහාම කොවිඩ් මර්දන එන්නත ලබාගත යුතු හෙයින් ඒ සඳහා වහාම කටයුතු කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මහාචාර්ය ජයසුමන මහතා පවසනවා

ළඟට එන කුමන හෝ එන්නතක් ලබා ගැනීම වැදගත් බවත් ,එන්නත් ලබා ගැනීමේදීද ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් කටයුතු කළ යුතු බවත් එසේ නොවුවහොත් එන්නත් පොකුරුද බිහිවීමට ඉඩ ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටිනවා

ශරීර ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම සඳහා විටමින් සී බහුල පලතුරු ආහාරයට ගැනීම වැදගත් බවත්, විටමින් සී පෙති හැටියටද දිනපතා ලබා ගත හැකි බවත් ඔහු පෙන්වා දෙනවා

එසේම ඉඟුරු කොත්තමල්ලි දිනපතා දවසට තුන් වරක් සීනි නොදා පානය කිරීමද ශරීර ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගැනීම සඳහා වැදගත් වන බවයි චන්න ජයසුමන මහතා පවසන්නේ

Share This