‘ඩෙල්ටා’ වෛරසය ආසාදනය වූවන්ට ඔක්සිජන් අවශ්‍යතාව වැඩියි

‘ඩෙල්ටා’ වෛරසය ආසාදනය වූවන්ට ඔක්සිජන් අවශ්‍යතාව වැඩියි

ඩෙල්ටා’ වෛරසය රටේ ඕනෑම තැනකින් හමුවීමට ඉඩ ඇති නමුත් එය රට පුරා පැතිර ඇති බවක් එයින් අදහස් වන්නේ නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

‘ඩෙල්ටා’ වෛරසය ශරීරය තුළ ඇති කරන්නා වූ ප්‍රතික්‍රියාව අනෙකුත් වෛරසවලට සාපේක්ෂව වෙනස්වීම හේතුකොට ගෙන එය පෙණහලුවලට සහ අනෙකුත් ඉන්ද්‍රියන්වලට ඇති කරන භෞතික වෙනස්කම් හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඔක්සිජන් ලබාගැනීමේ අවශ්‍යතාව අනෙකුත් වෛරසවලට වඩා වැඩිවිය හැකි බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරනවා

එවැනි තත්ත්වයන් යටතේ ඔක්සිජන් අවශ්‍යතාව කෙතරම් වැඩි වුවද මේ මොහොත වනවිට හිඟයකින් තොරව ඔක්සිජන් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This