
ඩේසි ආච්චිට ඇප
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නමැත්තියට ඇප හිමිව තිබෙනවා.
අද (05) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ඇය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 50 බැගින් වූ පුද්ගලික ඇප 3ක් මත මුදාහැරීමටයි නියෝග කර ඇත්තේ.