ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නිව්යෝක් නීතිපතිවරයා නඩු පවරයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නිව්යෝක් නීතිපතිවරයා නඩු පවරයි

ඇමෙරිකාවේ නිව්යෝක්හි නීතිපතිවරයා විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වංචාවක් සම්බන්ධයෙන් නඩු පවරා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන මෙන්ම ඔහුගේ දරුවන් තිදෙනෙකු ගැන සහ ඔවුන්ගේ පවුලේ සමාගම වන Trump Organization වලට එරෙහිවයි මෙලෙස නඩු පවරා තිබෙන්නේ

ණය ලබා ගැනීම සම්බන්ධයෙන් සහ දේපලවල වටිනාකමට අදාළව අඩුවෙන් බදු ගෙවීම ට්‍රම්ප්ට එල්ල කර ඇති චෝදනා වනවා

Trump Organization 2011ත් 2021ත් අතර කාලය තුළ බොහෝ වංචා සිදු කර ඇති බවයි පවරා ඇති නඩුවේ සඳහන් වන්නේ

හිටපු ජනාධිපතිවරයාගේ වැඩිමහල් දරුවන් වන ඩොනල්ඩ් ජූනියර්, ඉවන්කා සහ එරික් ට්‍රම්ප් ද ට්‍රම්ප් සංවිධානයේ විධායකයින් දෙදෙනෙකු වන ඇලන් වීසල්බර්ග් සහ ජෙෆ්රි මැකෝනි විත්තිකරුවන් ලෙස නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

වසර තුනක සිවිල් විමර්ශනයකින් පසුව, ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨතම නීතීඥවරිය වන නිව්යෝර්ක් නීතිපති ලෙටිෂියා ජේම්ස් විසින් මෙම නඩුව ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ දරුවන්ට නිව්යෝර්ක් ව්‍යාපාරයක නිලධාරීන් හෝ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කිරීම තහනම් කරන ලෙසද ජේම්ස් නීතිපතිවරිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා

පිටු 222 කින් යුත් එම නඩුව පවරා ඇති ලේඛනයේ Trump Organization වසර පහකට එහි දේපළ වෙළඳාම්වල යෙදීම තහනම් කරන ලෙසද නිව්යෝර්ක් නීතිපතිවරිය ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This