ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය එළිදකී

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය එළිදකී

ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් එළි දක්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප්ගේ මෙම නව සමාජ මාධ්‍ය ජාලය Truth Social ලෙස නම්කර ඇති බවයි.

මේ වනවිටත් ඒ වටා බොහෝ පිරිසක් ඒකරාශී වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

ට්‍රම්ප්ගේ මෙම නව සමාජ මාධ්‍ය ජාලය ලොව ප්‍රකට Apple Store හරහා සමාජ මාධ්‍ය ජාල පරිශීලකයින් වෙත ලබාදීමට කටයුතු කර ඇති අතර ඇපල් මෙවලම් සඳහා එය බාගත කර ගැනීමේ හැකියාවක් මේ වනවිට පවතිනවා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් හේතුවෙන් ට්විටර් ඇතුළු ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාල කිහිපයක්ම ඔහුට වාරණයක් පැනවීමට පසුගිය කාලය තුළ කටයුතු කළා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ තමන්ගේම සමාජ මාධ්‍ය ජාලයක් එළිදැක්වීමට කටයුතු කරන බවයි.

ඒ අනුව ට්‍රම්ප් සිය අරමුණ මේ වනවිට ළඟාකරගෙන ඇති අතර, ලොව පුරා විසිරි සිටින ඇපල් මෙවලම් මඟින් සමාජ මාධ්‍ය ජාලයන් හා සම්බන්ධ වී සිටින පුද්ගලයින්ට මෙම නව සමාජ මාධ්‍ය ජාලයට පිවිසීමේ අවස්ථාව ද උදා වී තිබෙනවා.

 

 

 

 

 

Share This