
ඩොනල්ඩ් – පුටින් සාකච්ඡා ඉලක්කයක් නැතිව අවසන් (VIDEO)
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වී තිබෙනවා.
ඊයේ සාකච්ඡා වලින් අනතුරුව ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා තිබුණේ ” ගිවිසුමක් ඇති වන තුරු කිසිදු ගනුදෙනුවක් නැත” යනුවෙනුයි.
නමුත් ව්ලැඩිමීර් පුටින් සමඟ යුක්රේන සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට ලැබුණ බව ඇමරිකාව පවසනවා.
දෙරටේ ජනාධිපතිවරුන් ඇලස්කාවේ පැය තුනකට ආසන්න සාකච්ඡා වලින් පසු මාධ්‍ය වෙත කළ පැහැදිළි කිරීමේ දී ගැටුම අවසන් කිරීමට තමා “අවංකවම උනන්දු” බව පුටින් පවසා තිබෙනවා.
නමුත් වැඩිදුර විස්තර කිසිවක් ඔහු පවසා නැහැ.
ජනාධිපතිවරු මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ නැහැ.
මෙම සාකච්ඡා සම්බන්ධයෙන් නැගෙනහිර යුරෝපයේ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් ප්‍රතිචාර දක්වා තිබුණේ සැක සහිත බවකින්.
ගැටුම අවසන් කිරීමට තමන් උනන්දු වන බව පවසන අතරම, එය සිදුවීමට මූලික හේතු “තුරන් කළ යුතු” බව පුටින් කළ ප්‍රකාශය , “යුක්රේනයේ තත්ත්වය” “(රුසියාවේ) ආරක්ෂාවට ඇති මූලික තර්ජන” සමඟ සම්බන්ධ වී ඇති බවොවුන් පවසනවා.
චෙක් විදේශ අමාත්‍ය ජෑන් ලිපව්ස්කි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උත්සාහයන් සාදරයෙන් පිළිගන්නා නමුත් ගිවිසුමක් සඳහා පුටින්ගේ උනන්දුව සැක කරන බවයි.
“සාමය සාකච්ඡා කිරීම ගැන පුටින් බැරෑරුම් නම්, ඔහු අද දවස පුරාම යුක්රේනයට පහර දෙන්නේ නැත,” ඔහු තවදුරටත් පැවසුවා.
බටහිර මාධ්‍ය මෙම හමුවේ දී විශේෂයෙන් මතු කළේ ඇලස්කාවේදී එක්සත් ජනපද හමුදා ශක්තිය පූර්ණ ලෙස ප්‍රදර්ශනය වීමයි.
ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානාවලින් වට වූ B-2 ස්පිරිට් ස්ටෙල්ත් බෝම්බ හෙලන යානයක් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට ඉහළින් අහස හරහා ගිගුරුම් දීම වඩාත් මාධ්‍ය තුල කතා බහට ලක් වූ කරුණක්.
ජුනි මාසයේදී එක්සත් ජනපද හමුදා ඉරාන න්‍යෂ්ටික ස්ථානවලට බෝම්බ හෙලූ විට මෙන්, නවීන ගුවන් ආරක්ෂක පද්ධතිවලට ඇතුළු වී දැඩි ඉලක්ක වලට එරෙහිව නිරවද්‍ය ප්‍රහාර එල්ල කිරීමට B-2 සමත් වීම මේ තත්ත්වයට හේතුවයි.
ජනාධිපතිවරුන් දෙදෙනා ඇන්කරේජ් හි එල්මෙන්ඩෝෆ්-රිචඩ්සන් ඒකාබද්ධ කඳවුරේ රැඳී සිටින වේදිකාවක් දෙසට රතු පලස දිගේ ඇවිද යන ආකාරය පෙන්වන ලද අතර, B-2 බෝම්බ හෙලන යානය සහ ප්‍රහාරක ජෙට් යානා ඔවුන්ට ඉහළින් පියාසර කරන තත්පර 22 ක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල වයිරල් වී තිබෙනවා.
බෝම්බ හෙලන යානය හිසට ඉහළින් ගමන් කරන විට රුසියානු ජනාධිපති පුටින් ඒ දෙස සිය අවධානය යොමු කරන ආකාරය ද අදාල වීඩියෝවෙ දැක් වුණා.