ඩොලරය අත්හරින්න සැරසෙන මැලේසියාව

ඩොලරය අත්හරින්න සැරසෙන මැලේසියාව

සිය රට අමෙරිකානු ඩොලරය මත යැපීම අවසන් කරන බව මැලේසියා අග්‍රාමාත්‍ය Anwar Ibrahim නිවේදනය කර තිබෙනවා.

ආයෝජනයන් ආකර්ෂණය කර ගැනීම සඳහා රට තවදුරටත් අමෙරිකානු ඩොලරය මත රඳා නොපවතින බවයි මැලේසියා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

සිය ජාතික මුදල් භාවිත කරමින් වෙළඳ ගනුදෙනු සිදු කිරීම සම්බන්ධයෙන් අනෙකුත් රටවල් සමග සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව මැලේසියා අග්‍රාමාත්‍ය Anwar Ibrahim සඳහන් කර තිබෙනවා.

මෙම ක්‍රියාමාර්ගය දීර්ඝකාලීනව රටට වාසිදායක තත්ත්වයක් ලඟා කර ගැනීමට පිටුවහලක් වනු ඇති බවයි මැලේසියා අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

Share This