ඩොලර් බිලියන 44ක වංචාවකට බිලියනපතිනියකට මරණ දඬුවම

ඩොලර් බිලියන 44ක වංචාවකට බිලියනපතිනියකට මරණ දඬුවම

ලොව මෙතෙක් දැක ඇති විශාලතම බැංකු වංචාව හා සම්බන්ධ නඩු විභාගයක තීන්දුවක් වියට්නාමයේ අධිකරණය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 67 හැවිරිදි වියට්නාම දේපල සංවර්ධකයෙකුට අද(11) මරණ දණ්ඩනය නියම කරන ලද්දේ වසර 11 ක කාලයක් තුළ රටේ විශාලතම බැංකුවකට වංචා කිරීම සම්බන්ධයෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙය ඉතා දුර්ලභ තීන්දුවක් ලෙසයි බොහෝදෙනා හඳුන්වන්නේ.

Truong My Lan සයිගොන් බැංකුවෙන් ඩොලර් බිලියන 44ක් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වී තිබෙනවා.

තීන්දුවට අනුව ඇය ඩොලර් බිලියන 27ක් ආපසු ලබා දිය යුතු අතර, නඩු පවරන්නන් පැවසුවේ කිසි විටෙකත් එය අයකර ගත නොහැකි බවයි.

සමහරුන් පවසන්නේ ඇයට මරණ දණ්ඩනය ලබාදී ඇත්තේ අතුරුදහන් වූ බිලියන ගණනින් සමහරක් ආපසු ලබා දීමට ඇයව දිරිමත් කිරීමට ක්‍රමයක් ලෙසයි.

මේ සඳහා සාක්ෂි දීමට 2700 දෙනෙකු කැඳවා ඇති අතර රජයේ අභිචෝදකයින් 10 දෙනෙකු සහ නීතීඥයින් 200 ක් පමණ ඊට සම්බන්ධ වී තිබෙනවා.

පෙට්ටි 104ක සාක්ෂි විශ්ලේෂණය කර ඇති අතර චෝදනා ප්‍රතික්ෂේප කළ Truong My Lan සමග විත්තිකරුවන් 85 දෙනෙකුට නඩු විභාග කර ඇති බව සඳහන්,

වියට්නාමයේ දීර්ඝ අත්දැකීම් ඇති විශ්‍රාමික එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු වන ඩේවිඩ් බ්‍රවුන් පවසන්නේ මෙවැනි නඩු විභාගයක් කිසි දිනෙක සිදුවී නොමැති බවයි.

 

 

Share This