ඩොලර් බිලියන 4ක සන්නද්ධ ඩ්‍රෝන යානා ඉන්දියාවට විකිණීමට එක්සත් ජනපදයේ අනුමැතිය

ඩොලර් බිලියන 4ක සන්නද්ධ ඩ්‍රෝන යානා ඉන්දියාවට විකිණීමට එක්සත් ජනපදයේ අනුමැතිය

සන්නද්ධ ඩ්‍රෝන යානා, මිසයිල සහ අනෙකුත් උපකරණ 31ක් ඩොලර් බිලියන 4කට ඉන්දියාවට විකිණීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමත කර තිබෙනවා

MQ-9B Predator ඩ්‍රෝන යානා ගණුදෙනුව 2023 වසරේ ජුනි මාසයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ එක්සත් ජනපද සංචාරයේදී ප්‍රකාශයට පත් කළ බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ

එමෙන්ම පසුගිය දෙසැම්බර් මාසයේදී එය එක්සත් ජනපද භූමියේ සිදු වූ බව කියන ඉන්දියානු ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට නියමිතව තිබූ සෙනෙට් කමිටුවක් විසින් එය අත්හිටුවනු ලැබුවා

කෙසේවෙතත් එක්සත් ජනපද කොන්ග්‍රසයේ අනුමැතියෙන් පසුව මෙම ගණුදෙනුව තහවුරු වී ඇති බව සඳහන්

මෙම ආයුධ තොගයට සන්නද්ධ MQ-9B SkyGuardian ඩ්‍රෝන යානා 31ක්, AGM-114R හෙල්ෆයර් මිසයිල 170ක් සහ ලේසර් කුඩා විෂ්කම්භයකින් යුත් බෝම්බ 310ක්, සන්නිවේදන සහ නිරීක්ෂණ උපකරණ සහ නිරවද්‍ය ග්ලයිඩ් බෝම්බයක් විකිණීම ඇතුළත් බවයි පෙන්ටගනය පවසන්නේ .

 

Share This