ණය ගැන ගත් තීරණය මහබැංකු අධිපති දැනුම්දෙයි (වීඩියෝ)
රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට විදෙස් ණය ගෙවීම මේ වනවිට අභියෝගයක් වී ඇති හෙයින් සියලු විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ පිළිබඳව දැනුම් දෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කර සිටියේ රට තුළ පවතින අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය වැළක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.